දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන්ගේ  නිල  ඇඳුම

  • 1-9 වසර දක්වා  සිසුන්ගේ  නිල  ඇදුම වන්නේ  නිල්  කලිසම හා  අත්කොට  සුදු  කමිසයයි.(කමිසයේ  සාක්කුවට  නිල  ලාංජනය  මසා  තිබිය  යුතුයි.)

 

 

  • 10-13 වසර දක්වා සිසුන්ගේ  නිල  ඇදුම වන්නේ  සුදු  දිග  කලිසම  සහ  අත්කොට  සුදු කමිසයයි. .(කමිසයේ  සාක්කුවට  නිල  ලාංජනය  මසා  තිබිය  යුතුයි.)

 

 

    • කොණ්ඩය කොටට  කපා තෙල්  ගා  පැත්‍තට  පීරා  තිබිය  යුතුයි.
    • මාල,මුදු,වළලු හෝ  ලණු පටි,නූල් ආදිය  නොපැළදිය  යුතුයි.
    • රැවුල බෑමට  සුදුසු  තත්වයේ  ළමුන් සම්පූර්ණයෙන්ම  රැවුල  බෑම  සිදු  කල යුතුයි.
    • ඇගිලිවල නියපොතු   කොටට  කපා තිබිය  යුතුයි.
    • මුදල් පසුම්බි  පාසලට  රැගෙන  ඒමෙන්  වැලකිය යුතුයි.

 

කමිසයේ ස්වභාවය

    • විසිතුරු   බොත්තම්   හෝ   අන්  කිසිදු   ක්‍රමයකට  විලාසිතා  නොමැති  තනි   සාක්කුවක්    සහිත  සාමාන්‍යය  කමිසයක්  විය  යුතුවේ.නිල  ලාංජනයක්  තිබිය  යුතුයි.තනි  මැස්මෙන්  මහන  ලද  කමිසයේ  පිටුපස  කිසිම  විලාසිතාවක්  නොමැතිව  සරල  විය යුතුයි.

 

කලිසමේ ස්වභාවය

    • දෙපස සාක්කු  දෙක  හා පිටුපස  එක්  සාක්කුවක්   පමණක්  විය යුතුයි.
    • අලංකාරය සදහා  විසිතුරු  බොත්තම්,ඉලාස්ටික්,රැළි  ආදිය  නොයෙදි  යුතුයි.
    • බෙල්,බැගී හා  ඉනෙන්  පහළට  එල්ලා  වැටෙන  සේ  වැනි  විලාසිතවන්ට  අයත්  නොවන  සාමාන්‍යය  කලිසමක්  විය යුතුයි.
    • දිග කලිසමේ   පහළ  කෙළවර  අගල් 15ක්  විය යුතුයි.
    • ශිෂ්‍යයා ඍජුව  හිටගත්  විට  මේස්   නොපෙනෙන  ලෙසට  කලිසම  දිගින්  යුක්‍තවිය  යුතුයි.

 

ගැහැණු ළමයින්ගේ   නිල  ඇදුම

  • සියලුම ශිෂ්‍යාවන්   සදහා   නිල ඇදුම  වන්නේ   සුදු ගවුම,ටයි පටිය,සුදු මේස්  පාසල්  නිල  ලාංජනය  හා සුදු  සපත්තුය.

    • කොණ්ඩය මැදින්   බෙදා  තෙල් ගා  පීරා කන්දෙක  පිටුපසින්  ආරම්භකර  කරල්  දෙකකට  ගොතා  අගින්  නවා  කලු රිබන්  පටි  දෙකකින්  ගැට ගැසිය යුතුයි.
    • කොණ්ඩය දික්  කිරීමට  පෙලබී  සිටින අය කොණ්ඩ කටු  දෙකකින් පමණක්  එය  රදවා  තබා ගත යුතුයි. 
    • කරාබු පැල්දීමේදී  එය  චාම්  කන්පෙත්තට  පමණක්  සීමා  වූ  කරාබු  යුවලක් විය යුතුයි.

 

ගවුමේ ස්වභාවය

    • ගවුමට අදාල   රැලි  අගල්  1 1/2  සීමාවන  පළලකින්  යුක්‍ත විය  යුතුයි.
    • ඉන පටිය අගල්  1 1/2 ක පළලකින්  යුක්ත විය යුතුයි.
    • ගවුමේ උස  දන හිසෙන් පහළ  දක්වා  දික් විය  යුතුයි.
    • කද කොටස  සිරුරට  ඉතා  තද හෝ ලිහිල්  නොවිය යුතුයි.
    • අත් දෙක වැලමිටට ඉහලින් තිබිය  යුතුයි.
    • ඇගිලිවල් නියපොතු කොටට කපා තිබිය  යුතුයි.වර්ණ  ගැන්වීමෙන්  වැළකිය යුතුයි.

 

සැ.යු. :-

  • විවිධ අපල  උපද්‍රව  සදහා  මාල පලදී  නම්  ඒවා  පිටතට   නොපෙනෙන  පරිදි  කළු  පටියක්   සහිතව  පැලදිය  යුතු  අතර,මුදු  දැමීම  පාසල්  පරිශ්‍රය  තුළ  සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  • ජංගම දුරකතන  පාසල තුලට  රැගෙන  ඒම  සම්පූර්ණයෙන්ම  තහනම්‍ ය.