පාසලේ ඉතිහාසය

දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

කඩහපොල ශෛලබිම්බාරාම විහරස්ථානයේ එවකට විහරාධිපතිව වැඩ විසූ ගිරිල්ලේ අත්ථදස්සී හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් බාලාභිවෘද්ධි සමිතියේ දායකත්වයෙන් 1942 ජූනි මස 29 දින ගිරි කඩහපොල විද්‍යාලය ආරම්භ කෙරිනි. ආරම්භක සිසුන් 8 න් යුත් මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පති වූයේ ටී.බී.පොතුහැර මහතාය. මෙලෙස ආරම්භ කරන ලද මෙම පාසලේ මුල්ම ගොඩනැගිල්ල සදා විවෘත කරන ලද්දේ එවකට කෘශිකර්ම ඇමතිව සිටි ඩි.එස් සේනානායක මහතායි. පාසල රජයට භාරදීමත් සමග මුල්ම විදුහල්පතිවරයා වූයේ ඩී.එල්.හපුආරච්චි මහතායි.

 

මෙලෙස ක්‍රමයෙන් දියුණුවට පත් වූ මෙම විද්‍යාලය වර්තමනයේ මහ විද්‍යාලයක්  බවට  පත් වී ඇත. අක්කර 3 ක භූමි ප්‍රමානයකින් යුක්ත පාසල් භූමිය වර්තමනය වන විට අංග  සම්පූර්න විද්‍යාගාරයක්,පරිගනක කාමරයක්, බහු මාධ්‍ය කාමරයක්, නවීන පුස්ත්කාලයක් ඉදිකර ඇත. වර්තමානයේ සිසුන් 500 ට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන අතර ගුරුභවතුන් 33 කු සේවය කරනු ලබන අතර අනුයුක්ත ගුරුභවතුන් 2ක් සේවය කරනු ලබයි. 2016 වර්ශ්යේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට  තේරී පත් වූ  මෙම විද්‍යාලයේ මේ වන විට ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ඉදිකර ඇත.

 

මෑත කාලයේ  සිට අප පසලේ අධ්‍යාපන සංවර්ධන මට්ටමෙහි වෙනසක් පෙන්නවමින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උ/පෙල විභාගය ආදී ජතික මට්ටටමෙ විභාගවල ඉහල ප්‍රතිශතයක් දක්නට ලැබේ. ඉට අමතරව ශිෂ්‍යත්ව විභාගය 2020 වර්ශයේ 25% ද, 2021 වර්ශයේ 15% න්ද, අ.පො.ස. සා/පෙල විභාගය 2020 වර්ශයේ 68% න්ද, 2021 වර්ශයේ 81% න්ද,  අ.පො.ස.උ/පෙල විභාගය 2019 වර්ශයේ 100% න්ද ප්‍රගතියක් පෙන්වූ අතර 2022 වර්ශයේ ද අ.පො.ස.උ/පෙල විභාගයෙන් 100%ක ප්‍රතිඵල පෙන්වමින් A සාමාර්ථ 3 ක් ලබමින් වසර 9 ට පසු සරසවි වරම් ලැබූ ශිෂ්‍යාවක් ද වේ . මේ සදහා විද්‍යාලයේ සේවය කරන ලද ගුරු මන්ඩලයේ කැපවීම ඉතා ඉහළය.

 

පාසලේ නම

:-

ව/ගිරි/කඩහපොල ධර්මවිජය මහා විද්‍යාලය

සංගණන අංකය

:-

17270

පාසලේ ලිපිනය

:-

කඩහපොල පහමුනේ

වර්ගය

:-

1 සී

පාසලේ දුරකතන අංකය

:-

0711614780

විදයුත් ලිපිනය

:-

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වෙබ් අඩවිය

:-

 

ග්‍රාම නිලධාරී වසම

:-

කඩහපොල

මැතිවරණ කොට්ඨාසය

:-

දඹදෙනිය

පලාත් පාලන ආයතනය

:-

නරම්මල ප්‍රාදේශීය සභාව

විදුහල්පතිගේ නම

:-

එල් අනුලවතී

පුද්ගලික දුරකතන අංකය

:-

0711614780